RSS

Sri Lankan Style


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Shouse

සුභ උදෑසනක් ඔබට.....!!! මේ සතිය Fit එකේ පටන් ගන්න මේ පුංචි කථාව උදව් වෙයිද කියලා අපිට කියන්නකෝ.....සමහරවිට ඔබ මීට කලින් මේ කතාව අහල ඇති. මේක පරණ කතාවක් වුණාට, ධනාත්මක සිතුවිල්ලකුයි, ඍණාත්මක සිතුවිල්ලක් අතරෙයි තියෙන වෙනස මේ කතාවෙන් අපිට හොඳටම දැනෙනවා. අවුරුදු ගාණකට කලින් බි්‍රතාන්‍යයේ සපත්තු හදන ආයතනයක ප්‍රධානියෙක් වෙළඳ ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙක්ව පිටත් කළා අප්‍රිකාවට. ඒ, සපත්තුවලට අප්‍රිකාවේ තියෙන මාකට් එක කොයි වගේද කියල දැනගෙන එන්න. පළවෙනි නිලධාරියා අප්‍රිකාවට ගිහින් ඇවිත් කිව්වා.... "එහෙ පොඩ්ඩක්වත් හොඳ මාකට් එකක් නෑ. මොකද එහේ කවුරුවත් සපත්තු දාන්නෙ නෑ..." කියලා. දෙවැනි නිලධාරියා ඇවිත් කිව්වෙ, මෙහෙම කතාවක්... "අප්‍රිකාවේ මාකට් එක ගොඩාක් හොඳයි. මොකද එහෙ කවුරුවත් සපත්තු දාන්නෙ නෑ..........."කියලා. මේ පුංචි කතාව අපිට ලොකු ආදර්ශයක් දෙනවා. එක පුංචි සිද්ධියක් දෙන්නෙක් දැක්කෙ දෙවිදියකට. හැම සිදුවීමක් දිහාම නරක ඇහැකින් බලන කෙනෙකුට පේන්නෙ, ඒ සිද්ධියෙ තියෙන ප්‍රශ්න සහ අවාසි විතරයි. ඒත් හැම සිදුවීමක් දිහාම හොඳ ඇහැකින් බලන කෙනෙකුට ඒ සිද්ධියෙම තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ හොඳට පේනවා. "කවුරුත් සපත්තු දාන්නෙ නෑ". මේ කතාව හැමදාම ඔබේ මතකයේ රැඳේවි. කෙනෙකුගේ ආකල්ප ඉදිරි අරමුණු, මානසිකත්වය සහ ධනාත්මක චින්තනය ගැන කියන්න මීටත් වඩා හොඳ උදාහරණයක් ගැන ඔබ දන්නවද?

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

My self

සර්ව සම්පූර්ණ වීමට උත්සාහ නොකරන්න,ඔබ ඔබ වන්න!!! අන් අය ඔබෙන් බලාපොරොත්තු වන ආකාරයට හැමවිටම වෙනස් නොවන්න,ඔබ ඔබ දන්නා ඔබ වන්න!!!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නායකයෙකු විසින් පරාජයන් කලමනාකරනය කල යුත්තේ කෙසේද?

මෙම පැනයට පහත සදහන් පිලිතුර ලබා දෙන ලද්දේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සහ හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් විසිනි.
ඔබේ ප්‍රශ්ණයට පිලිතුරු ලෙස මම මගේම අත්දැකීමක් ඔබට පවසන්නම්. මම 1973දී ඉන්දීය චන්ද්‍රිකා වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ලෙස තේරී පත්වුනා. අපේ අරමුණ වුනේ 1980 වන විට ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම.ඒ සදහා අවශ්‍ය කරන සියළුම ප්‍රතිපාදන සහ මානව සම්පත් මා වෙත ලබා දුන් අතර ඉතා පැහැදිලිව මට උපදෙස් ලබා දුන්නේ 1980 වන විට අනිවාර්යෙන්ම ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත විය යුතු බවයි. ඉතින් ඊළග වසර හය පුරාවටම ඉංජිනේරුවන් තාක්‍ෂණික නිළධාරීන් සහ කම්කරුවන්ගෙන් සමන්විත වූ අප කණ්ඩායම ඒ අරමුණ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වී වැඩ කලා.
1979 වසරේදී,මට මතක හැටියට ඒ අගෝස්තු මාසය,අපි හිතුවා අපි අපේ අරමුණට සූදානම් බව,එනම් ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස මම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට නියමිත දිනයේදී පාලක මධ්‍යස්ථානයට පැමිනියා. චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට පෙර ප්‍රධාන පාලක පරිගණකය නියමිත පරීක්‍ෂාවන් ආරම්භ කල අතර මද වේලාවකින් පරිගනක තිරයේ රතු පැහැයෙන් සටහන් වූයේ යානයේ ඉන්ධන පිලිබද වූ ගැටලුවක්,එම ගැටළුව නිසා චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම පරිගණකය විසින් නවතා දැමුවා. නමුත් මා සමග පාලක මධ්‍යස්ථානයේ ඒ මොහොතේ සිටි ඉංජිනේරුවන් ඔවුන් ඒ සියලුම දත්ත කලින් පරීක්‍ෂා කර ඇති බව පැවසූ නිසාත් ඒ පිලිබදව ගැටලුවක් නොමැති බව පැවසූ නිසාත් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකලා. පලමු විණාඩිය ඇතුලත සියලුම දේ හොදින් සිදුවූවත් දෙවණ විණාඩිය ඇතුලත එය පුපුරා විනාශ වුනා,අපේ උත්සාහය ව්‍යර්ථ වුනා.
එදින ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා චන්ද්‍රිකාව විනාශ වීම පිලිබදව මාධ්‍ය හමුවක් කැදවූවා. චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වුනේ උදෑසන 7ට වූ අතර මාධ්‍ය හමුව පැවැත්වූවේ උදෑසන 7.45ටයි. 7.45 වන විට ලොව පුරා මාධ්‍යවේදීන් සිය ගනනක් ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයට රැස් වුනා.
නියමිත වේලාවට මාධ්‍යහමුව ආරම්භ වුනා,ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා මාධ්‍ය හමුව ඇමතූ අතර අපේ පරාජයේ සියලුම වගකීම ඔහු බාර ගත්තා. අප කණ්ඩායම බොහෝ වෙහෙසී වැඩ කලත් තාක්‍ෂණික අංශයේ සුලු වරදක් නිසා චන්ද්‍රිකාව විනාශ වූ බව පැවසූ ඔහු ලබන වසරේදී අප කණ්ඩායම අනිවාර්යෙන්ම සාර්ථක වන බවට බොහෝ විශ්වාසයෙන් පැවසුවා. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස චන්ද්‍රිකාව විනාශ වීම මගේ වගකීමක් වූවත් ඔහු අප ආයතනයේ සභාපතිවරයා ලෙස චන් ද්‍රිකාව විනාශ වීමේ වගකීම භාර ගත්තා.
ඊලග වසරේ,එනම් 1980 ජූලි මාසයේදී අප නැවතත් චන්ද්‍රිකාවක් අභ්‍යාවකශ ගත කිරීමට උතාසාහ ගත් අතර එය සාර්ථක වුනා,ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවුනා,මුලු ජාතියම ප්‍රීති ප්‍රමෝදයට පත් වුනා. සතිෂ් ධාවන් මහතා නැවතත් මාධ්‍ය හමුවක් කැදවූවා,මාධ්‍ය හමුව ආරම්භ වීමට මොහොතකට පෙර මා අසලට කැදවූ ඔහු මාධ්‍ය හමුව ඇමතීම මට භාර කලා.
එදින මම ජීවිතයේ විශාල පාඩමක් ඉගෙන ගත්තා. ආයතනයේ ප්‍රධානියා පරාජයේ වගකීම භාර ගත් අතර ජයග්‍රහනයන් ඔහු තම කණ්ඩායමට භාර කලා. මා ජීවිතයේ උගෙන ගත් හොදම කලමනාකරණ පාඩම උගත්තේ පොතකින් නොවේ,මගේම එම අත්දැකීමෙන්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2 people in one cap

ලෝක පූජිත මේ පුද්ගලයන් දෙදෙනාව ඔබට හදුනා ගත හැකිද?
ඉගිය :එක් පුද්ගලයෙකු ලොවම භීතියෙන් මුසපත් කල අතර අනෙකා ලොවම හිනැස්සීය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

►►We Are All Connected◄◄

ගම ගෙදරක ගුලක් ඇතුලේ ජීවත් උන මීයෙක් දවසක් ගුලෙන් එලියට ඇවිත් බලන් හිටියේ ගමරාළ නගරෙට ගිහින් ගෙනාපු පාර්සලයක් ගම මහගේට පෙන්නන්න විවෘත කරන හැටි. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා. ඒත් පාර්සලේ ඇතුලේ තිබුනු දේ දැක්කම මීයට එලොව පොල් පෙනුනා. පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම අලුත් මී කතුරක්.
මේ බව ගමගෙදර වාසය කරපු අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ වත්තට වෙලා කුණු ගොඩක් පහුරු ගාමින් සිටිය කුකුළා ලගට.
"ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා"
හිස ඔසවලා මීයා දිහා බලපු කුකුළා මෙහෙම කිව්වා "මීයෝ...ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹටයි...ඒ නිසා උඹ පරිස්සම් වෙයන්"
ඊට පස්සේ මීයා ගියේ මඩ වලක බැහැලා හිටිය ඌරා ලගට
"ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා කෑ ගැහුවා
"මට උඹ ගැන දුකයි මීයෝ...ඒත් මට උඹ වෙනුවෙන් කරන්න දෙයක් නෑ...මම දෙවියන් ගෙන් ඉල්ලන්නම් උඹව මී කතුරෙන් බේරන්න කියලා" ඌරා උත්තර දුන්නා.
ඊට පස්සේ මීයා ගියේ වත්තේ තණකොළ උලා කමින් හිටිය හරකා ලගට
"ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා ආයෙත් කෑ ගැහුවා.
"ඔය කියන්නේ ඇත්තද මීයෝ..ඒත් ඉතින් මට නම් මී කතුරක් ගැන බය වෙන්න දෙයක් නෑ"කියපු හරකා ආයෙත් තණකොළ කන්න පටන් ගත්තා.
යාලුවෝ කියපු කතා වලින් දුර්මුඛ වුන මීයා ආයෙත් තමන් ගේ ගුලට ආවේ මී කතුරට තනියම මුහුන දෙන හැටි සිතමින්.
එදා රාත්‍රියේම මුලු නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට ගොදුර හසු වී තිබුනා. ගම මහගේ මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න දුවගෙන ආවා. කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා තිබුනේ විශකුරු සර්පයෙකුගේ වල්ග ප්‍රදේශය කියලා. කෝපාවිශ්ට වෙලා හිටිය සර්පයා ඇයව දෂ්ඨ කලා.
ගමරාළ ඇයව රෝහලට රැගෙන ගියා. දින කීපයකින් ගෙදර පැමිනියත් ඇයට සුව නොවෙන උණ රෝගයක් වැලදුනා. හිතවතුන් හැමෝම ගමරාලට කිව්වා උණ රෝගයට කුකුල් සුප් එකක් දුන්නා නම් ගුණයක් ලැබෙයි කියලා.ගමරාල ගෙදර හිටිය කුකුලව මරලා සුප් එකක් හදලා ඒක ගමමහගේට දුන්නා.ඒත් ගමමහගේට ඒකෙන් සුවයක් ලැබුනේ නෑ.
ගමමහගේ බලන්න ආව නෑදෑ හිත මිතුතන් ගෙන් ගමගෙදර පිරුනා,මෙයාලට කන්න දෙන්න ඕනි නිසා ගමරාල ගෙදර හිටිය ඌරව මැරුවා.
මෙහෙම ටික දවසක් දුක් විදපු ගමමහගේ මියගියා. මෙයාගේ මළ ගෙදරට සහභාගි වෙන්න ගොඩක් මිනිස්සු ගමගෙදරට ආව නිසා එයාලට කන්න දෙන්න ගමරාලට ගෙදර හිටිය හරකත් මරන්න සිද්ධ උනා. සිද්ද වෙච්ච සියල්ල දිහා තමන් ගේ ගුලට වෙලා බලන් හිටිය මීයා ගොඩක් දුකෙන් සුසුමක් හෙලුවා.
ඔබ සමග එකම ආයතනයේ සේවයේ යෙදෙන,ඔබ සමග එකම විශ්ව විද්‍යාලයේ/පාසලේ අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකු කිසියම් අයෙකු ප්‍රශ්ණයකට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හරින්න එපා, ඔබෙන් එක් අයෙකු තර්ජනයට ලක් වූවා නම් ඔබ සැවොම අනතුරේ බව සිහියේ තබා ගන්න.ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම් බන් ධ අතර අන් අයෙකුට ප්‍රශ්ණයකට මුහුන දුන් විට ඔහුව/ඇයව තනි නොකර ඔහුව/ඇයව දිරිමත් කිරීම ඔබගේ වගකීමක් බව සිතට ගන්න. .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මගේ දියුණුව

විශාල කර්මාන්තශාලාවක සේවකයන් දිනක් දිවා ආහරයෙන් පසු නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වූයේ පහත පණිවිඩයයි;
"මෙම ආයතනය තුල ඔබේ දියුණුවට බාධා කල ඔබේ හිතවතා මිය ගියා,ඔහුගේ අවසන් කටයුතු සදහා ශ්‍රවනාගාරය වෙත පැමිනෙන්න""
මෙය දුටු පමනින් සියළු සේවකයන් තමන් සමග එකට සේවයේ නියුතු සහෝදර සේවකයෙකුගේ මරණය පිලිබදව ශෝක වූවත් මද වේලාවකින් ඔවුන් තුල වූ කුතුහලය ඇවිස්සුනේ මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න ඔවුන් කිසිවෙකුත් නොදැන සිටි නිසයි.
ශ්‍රවනාගාරය වෙත සේවකයන් ලගා වන විට ඔවුන් තදින් නොසන්සුන් වී සිටියා, "කවුද මටත් නොදැනී මගේ දියුණුවට බාධා කල පුද්ගලයා" සියලු දෙනාගේම සිත් තුල වූයේ එවැනි පැනයක්.මිය ගොස් සිටින්නේ කවුරුන් විය හැකි දැයි අනුමාන කිරීමට ඔවුන් උත්සාහ දැරුවා.
ශ්‍රවනාගාරය තුල තැනූ කුඩා කුටියක් තුල මිනී පෙට්ටිය තැන්පත් කර තිබූ අතර සේවකයන් එකා පසුපස එකා බැගින් තම සගයාට අවසන් ගෞරව දැක්වීම සදහා මිනී පෙට්ටිය අසලට පැමිනියා. මිනී පෙට්ටිය අසලට පැමිනෙන සේවකයන් සියලු දෙනා ඒ තුලට එබී බැලූ විට විශ්මයෙන් ගල් ගැසුනු අතර මුවෙන් එකදු වදනක්වත් පිට වූයේ නෑ.
ඇත්ත වශයෙන්ම මිනී පෙට්ටිය තුල වූයේ කණ්ණාඩියක් පමනයි.මිනී පෙට්ටිය තුලට එබී බැලූ සියලු පුද්ගලයන් ඒ තුලින් දුටූවේ තමාගේම මුහුනයි.ඒ අසලින්ම වූ කුඩා සටහනක මෙසේ සදහන් වූවා;
"ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටින එකම පුද්ගලයා ඔබම පමනයි"
ඔබේ ජීවිතය පරිවර්තනයකට භාජනය කල හැකි එකම පුද්ගලයා ඔබ පමනයි,ඔබ ඔබේ ජීවිතය තුල ලබා ගන්නා සතුට පාලනය කල හැක්කේත් ඔබට පමනයි,ඔබ ජීවිතය තුල ලබා ගන්නා සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේත් ඔබටම පමනයි.
ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්‍රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.,ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Marketting example

මහාචාර්යවරයෙක් තම සිසුන්ට අලෙවිකරණ සංකල්ප පැහැදිලි කල අයුරු
•ඔබ සාදයකට සහභාගී වෙනවා. ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක් ඔබ ඇය වෙත ගිහින් කියනවා "මම පොහොසත් මාව Marry කරන්න" කියලා. ඒ ඍජු අලෙවිකරණයයි (Direct Marketing)
•ඔබ සාදයකට සහභාගී වෙනවා . ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක් ඔබේ මිතුරෙක් ඇය වෙත ගිහින් කියනවා "ඔහු ගොඩක් පොහොසත්,ඔහුව Marry කරන්න" කියලා ඒ වෙළද ප්‍රචාරනයයි(Advertising)
•ඔබ සාදයකට සහභාගී වෙනවා . එහි සිටින රූමත් තරුණියක් ඔබ වෙත ඇවිත් කියනවා "ඔබ ඉතා පොහොසත් මාව Marry කරනවද" කියලා වෙලද නාම හදුනාගැනීමයි(Brand Recognition)
•ඔබ සාදයකට සහභාගී වෙනවා . ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක් ඔබ ඇය වෙත ගිහින් කියනවා "මම පොහොසත් මාව Marry කරන්න" කියලා,ඇය ඔබේ කම්මුලට පහරක් ගසනවා ඒ පාරිභෝගික ප්‍රතිචාරයි(Customer Feedback)
•ඔබ සාදයකට සහභාගී වෙනවා . ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක් ඔබ ඇය වෙත ගිහින් කියනවා "මම පොහොසත් මාව Marry කරන්න" කියලා. ඇය ඔබට ඇගේ සැමියාව හදුන්වා දෙනවා ඒ ඉල්ලුම සහ සැපයුම අතර වෙනසයි(Demand & Supply Gap)

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කොකා කෝලා

බ්‍රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියෙකි(CEO). මේ ඔහු විසින් තත්පර 30කදී කරන ලද කෙටි දේශනයකි.
හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි.
ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා . නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින්,ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කල නොහැකි ආකාරයෙන් පලුදු වේවි.යලිත් කිසිම දිනක ඒවා පෙර පරිදි නොවේවි. එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබා ගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි.
කාර්යාල වේලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන ලෙස කාර්යක්‍ෂමව සේවය කරන්න . නියමිත වේලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න . ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබා දී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

►►විශ්වවිද්‍යාලය පිරිසිදු කරන කාන්තාවගේ මුල් නම◄◄

මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලයේ දිනක් අපේ මහාචාර්යවරයා හදිසි අභ්‍යාසයක් අපට ලබා දුන්නා. පන්තියේ දීප්තිමත් සිසුවෙකු වූ මට ඒ ප්‍රශ්ණ ඉතා පහසු ඒවා වූවත් අවසන් ප්‍රශ්ණය දුටු මට එයට දිය යුතු පිලිතුරක් සිතා ගැනීමට අපහසු වුනා. එම ප්‍රශ්ණය වුනේ
"විශ්වවිද්‍යාලය පිරිසිදු කරන කාන්තාවගේ මුල් නම කුමක්ද?" යන්නයි.
මේ ප්‍රශ්ණය නම් සර් විහිලුවට දාපු එකක්, මට හිතුනේ එහෙමයි. විශ්වවිද්‍යාලය පිරිසිදු කරන කාන්තාව මම දිනපතාම දකින නමුත් වයස 50ක් පමන වන කලු ජාතික එම කාන්තාවගේ නම මම දැන ගන්නේ කොහොමද?අවසන් ප්‍රශ්ණයට පිලිතුරක් ලබා නොදුන් මම උත්තර පත්‍රය මහාචාර්යවරයාට ලබා දුන්නා.
දේශනය අවසන් වීමට ආසන්න වූ විට එක් සිසුවෙක් නැගිට මහාචාර්යවරයාගෙන් ඇසුවේ අවසන් ප්‍රශ්ණයත් අභ්‍යාසයේ මුලු ලකුණු වලට එකතු වනවාද යන්නයි.
"අනිවාර්යෙන්ම" මහාචාර් ය වරයා පිලිතුරු දුන්නා.
"ඔබ විශ්වවිද්‍යාලයෙන් පිට වී රැකියා කරන විට විවිධ තරාතිරමේ විවිධ මිනිසුන් ඔබට මුන ගැසේවි. ඒ හැම කෙනෙකුම ඔබට සුවිශේෂී මෙහෙයක් ඉටු කරනවා,ඉතින් ඔවුන් වෙත ඔබේ අවධානය යොමු කිරීම සහ අඩුම තරමේ ඔවුන්ට සිනාවකින් සංග්‍රහ කර ආයුබෝවන් කියා පැවසීමත් වැදගත් වෙනවා."
මහාචාර් ය වරයාගේ මෙම පාඩම මට ජීවිතයේ කිසිම දිනක අමතක නොවූ අතර විශ්ව විද්‍යාලය පිරිසිදු කරන කාන්තාවගේ මුල් නම "ඩොරති" බව පසුව දැන ගතිමි.
ඔබට ජීවිතයේ හමුවන ලොකු කුඩා සෑම පුද්ගලයෙකුම වැදගත් වන අතර ඔවුන්ට හිමි ගෞරවය ඔවුන්ට ලබා දීම ඔබේ යුතුකමකි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS