RSS

ගිරව් තිදෙනා


දිනක් මිනිසෙකුට තමු පුතුගේ උපන් දින තෑග්ග වශයෙන් ගිරවෙකු තෑගි දීමට සිත්වූ අතර ඒ සඳහා ඔහු සුරතල් සතුන් විකුණුම් හලක් වෙත පැමිණියා. එහි ගිරවුන් තිදෙනෙකු සිටි අතර ඒ එක එකෙකු වෙන වෙනම මිළ ගණන් වලට විකිණීමට තබා තිබුණා.

ඔහු පළමුව රු.2500 ගිරවා වෙත ගොස් ඌගේ ඇති විශේෂත්වය වෙළෙන්ඳාගෙන් විමසා සිටියා.

''ඌට මහත්තයෝ භාෂා 24ක් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඌට MS ofiice වල හොඳින් type කිරීමේ හැකියාවද තියෙනවා.''

''එතකොට මූ?''

"ඌ නම් මහත්තයෝ රු.5000ක් වෙනවා. ඌට භාෂා 30ක් කතා කරන්න පුළුවන් වගේම ඌට පරිඝනකය පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා''

''එතකොට මේ අන්තිමයා, රු.10000ක් නේද? ගාණේ හැටියට මූ නම් හොඳ වැඩකාරයෙක් වෙන්න ඇති නේද?''

''අනේ මන්ඳා මහත්තයෝ, මම නම් මූ තවම කිසිම වැඩක් කරනව දැකලා නෑ. ඒත් අනිත් එවුන් දෙන්න මූට කතා කරන්නේ ''බොස්'' කියලා..."

ඔන්න ඔහොමලු බොස්ලා...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 අදහස්::

Post a Comment